brand logo

කෙළ නැතොත් ක්‍රිකට් කම්මැලි වෙයි - ස්ටාර්ක්

27 May 2020

පන්දුව බැබළවීමේදී කෙළ භාවිතා කිරීම තහනම් වීම හේතුවෙන් ඉදිරියේදී ක්‍රිකට් තරග තරමක් කම්මැලි ස්වභාවයක් ගනු ඇතැයි ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් පවසයි. මෙසේ කෙළ භාවිත කිරීමට නොහැකි වීමෙන් පන්දුවේ දෝලනය තරමක් අඩාළ වීම පිළිබඳව කනස්සල්ල පල කරමින් ස්ටාර්ක් මෙසේ පවසා තිබේ. ‘පන්දුවේ දෝලනය තරගයක තීරණයට බෙහෙවින් බලපානවා. පන්දුව කෙළින්ම පිතිකරු වෙත ගියොත් පන්දු යවන්නන්ට තරගය පාලනය කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. එතකොට මිනිසුන්ට මේක කම්මැලි ක්‍රීඩාවක් වෙනවා. මේ ක්‍රමය මත පොඩි ළමයෙක් වුණත්, වේග පන්දු යවන්නෙක් වෙන්න හිතන එකක් නැහැ. ඒ නිසා පන්දුව දෝලනය කිරීම සඳහා අපිට යමක් අවශ්‍යයි.’ යනුවෙන් ස්ටාක් වැඩිදුරටත් පවසා ඇත. ඔස්ට්‍රේලියාවේ කොකබුරා ආයතනය පන්දුව බැබළවීම සඳහා ඉටි වැනි යමක් නිෂ්පාදනය කිරීමට මීට ඉහතදී කටයුතු යොදා තිබිණි. කෙසේ නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කමිටු සභාපති අනිල් කුම්බ්ලේ පවසා තිබෙන්නේ ඛේටය භාවිතය තහනම් කිරීම තාවකාලික තීරණයක් බවත්, පන්දුව බැබළවීම සඳහා එතෙක් වෙනත් යමක් අවශ්‍ය නොවන බවත්ය.
 

More News..