brand logo

කොරෝනා ආසාදිතයින්ගේ කටයුතු සඳහා රෝබෝ යන්ත්‍රයක්

28 March 2020

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා සැක ආසාදිතයින්ගේ දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා සිදුකිරීම අද(28) සිට ආරම්භ කෙරිණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම රොබෝ යන්ත්‍රය හරහා පැය 24ක් තුල සිය දෙනෙකු යොදවා ලබා ගන්නා සේවාවන් ඉටු කරවා ගත හැකිය. මෙම රොබෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වන අතර ඒ සඳහා ඇට්ලස් ආයතනය අනුග්‍රහය දක්වා ඇත . රෝගීන්ට ආහාර පාන හා ඖෂධ ලබා දීම ,රෝගියාගේ පණිවුඩ වෛද්‍යවරයාට ලබා දීම වෛද්‍ය වරයාගේ පණිවුඩ රෝගියාට ලබා දීම වාට්ටුව වාට්ටුවෙන් වාට්ටුවට හා රෝගියාගෙන් රෝගියා ළඟට ගමන් කිරීම ඇතුළු සේවාවන් රැසක් ඉටු කරවා ගත හැකිය.. වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙවන් රොබෝ යන්ත්‍ර 50 හැකි ඉක්මනින් රජයට ලබා ගෙන කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකාර කෙරෙන , රෝහල් වලට ලබා දීමට පියවර ගන්නා බවයි.
 

More News..