brand logo

කෙරවලපිටිය ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි

05 March 2021

කෙරවලපිටියේ ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අද (05) ආරම්භ විය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙය මෙරට ප්‍රථම ස්වභාවික විදුලි බලාගාරය වන අතර, එය මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුක්ත වේ. මෙහි ඉදිකිරීම් කටයුතු වසර තුනක් තුළ සිදුකර අවසන් කිරීමට නියමිතයි. පළමු අදියට යටතේ ගෑස් ටර්බයිනය ස්ථාපනය කිරීමට නියමිත අතර, එමගින් මෙගාවොට් 220ක විදුලි බලයක් ජනනය කෙරෙනු ඇති. දෙවන අදියර යටතේ වාෂ්ප ටර්බයිනයක් හරහා තවත් මෙගාවොට් 130ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතව තිබේ.
 

More News..