brand logo

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරයෙන් යහපාලනයේ ඇමැතිවරයෙක් සීයට තුනක කොමිස් ඉල්ලලා

22 February 2020

කෙරවලපිටිය  එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වූයේ ඊට අනුමැතිය ලබාදීමට  නම් සීයට තුනක කොමිස් මුදලක් අවශ්‍ය බවට පසුගිය රජයේ හිටපු විදුලිබල හා  බලශක්ති ඇමැතිවරයෙක් කළ බලපෑම් මත ඇතිවූ අර්බුදයක් නිසා බව එම කොන්ත්‍රාත්  සමාගම වත්මන් රජයට දැනුම් දී ඇත.

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය  ආසියානු සංවර්ධන අරමුදලේ ආධාර මත රුපියල් මිලියන දෙදහස් හත්සිය හැත්තෑ හතරක  මුදලක් වැය කරමින් ඉදි කිරීමට නියමිතය. මෙගා වොට් 220ක විදුලි බලයක් ජාතික  විදුලිබල පද්ධතියට එක් කිරීමට මෙමගින් බලාපොරොත්තු වෙයි.

බලාගාරය  ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය බදාදා (19වැනිදා) ලැබී ඇත.  විදුලිබල අර්බුදයට මුහුණදීම සඳහා විදුලිබල ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක  කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. කෙරවලපිටිය  බලාගාරය ඉදි කිරීම කඩිනමින් අවසන් කිරීම රජයේ අරමුණ බවද ඔහු ප්‍රකාශ කළේය.

උදයජීව ඒකනායක

 

More News..