brand logo

කෙදෙව් සටනේ විරයා ජයග්‍රහණය ගැන මාධ්‍යට කියයි

23 February 2020

කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණු සෑම අවස්ථාවකම කණ්ඩායම වෙනුවෙන් සිය උපරිමය ඉටු කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවසයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ කොළඹ එස් එස් එස් ක්‍රීඩාංගනයේ පැවති තරගය ජය ගැනිමෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය. හැකි තරම් කඩුල්ලේ රැදී සිටිමින් තරගය ජයග්‍රහනය කරා ගෙන යාමට තමන්ට අවශ්‍ය වු බවයි වනිදු හසරංග පැවසුවේ. තිසර පෙරේරා සමග එක්ව ගොඩනැගු ලකුණු සබඳතාවය පිළිබදවද ඔහු මෙහිදී අදහස් පලකළා. කොදෙව්වන්ට එරෙහිව පළමු එක්දින ක්‍රීකට් තරගයෙන් ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ඩයක් හිමිවුණා. කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7 ක් දැවී ලකුණු 289 ක් රැස් කළා. ශායි හෝප් ලකුණ1 115 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 49 යි එක් පන්දුවක් තුල කඩුලු 9 ක් දැවී ලකුණු 290 ක් ලබා ජයග්‍රාහි සීමාව පසුගකළා. අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න අර්ධ ශතක රැස්කළා. තරගය ජයග්‍රහනය කරා ගෙන ගිය වනිදු හසරංග නොදැවී ලකුණු 42 ක් ලබා ගත්තා. කොදෙව්වන්ට එරෙහි දෙවන එක්දින ක්‍රීකට් තරගය ලබන බදාදා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.
 

More News..