brand logo

කෙටි මාර්ග සොයන්න එපා, මීළඟ තරගයට කිසි දෙයක් ඉතිරි කරන්න එපා

30 April 2019

කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම තිබේ නම්, පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි ලෝක කුසලානයේදී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පවසයි. චමින්ද වාස් මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සාර්ථකත්වය පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත අදහස් දක්වමිනි. "ශ්‍රී ලංකාව පෙරළිකාර කණ්ඩායමක් ඔවුන් එකමුතු විය යුතුයි, ඔවුන් විශේෂ ක්‍රීඩකයෝ සහ ඔවුන්ට එංගලන්තයේදී ඉතා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඔවුන්ට කණ්ඩායම් හැඟීම තියෙනවා නම්, එකමුතුකම තියෙනවා නම්, මම හිතනවා ශ්‍රී ලංකාව ලෝක කුසලානයේදී ඉතා හොඳින් ක්‍රීඩා කරයි කියලා” රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයින් කළ යුත්තේ, නිදහසට කරුණු කීම නොව ප්‍රේක්ෂක දෝෂාරෝපනයන් ද ධනාත්මක ලෙස ගෙන ඉදිරිය සකසා ගැනීම බව ද ඔහු සිය අදහස් දැක්වීමේදී විශේෂයෙන් සඳහන් කර තිබේ. “මම මේ ක්‍රීඩාවට ආදරෙයි, මම මගේ ජීවිතේ ගොඩක් කාලයක් ගත කළේ, මේ ක්‍රීඩාව වෙනුවෙන්. මට මේ දේ ගැන දැනුම යොවුන් ක්‍රීඩකයින්ට ලබා දෙන්න පුළුවන්. මම වසර 20ක් ක්‍රීඩා කළා. සහ පුහුණුකරුවෙකු ලෙස මම ක්‍රීඩාව තුළින් විනෝදයක් ලැබුවා. මම යොවුන් වේග පන්දු යවන්නන්ට කියන්නේ 100%ක් දෙන්න, කෙටි මාර්ග සොයන්න එපා, මීළඟ තරගයට කිසි දෙයක් ඉතිරි කරන්න එපා, මේ තරගයේ දී සියල්ල ඉවර කරන්න, ඔබේ ශාරීරික සෞඛ්‍ය හොඳින් තබා ගන්න, ඔබේ රට වෙනුවෙන් ඒ දේ කරන්න, ඔබ පැමිණියේ කොහෙන්ද කියලා මතක තබා ගන්න, වැරැද්දට හේතු කියන්න එපා, මිනිස්සු ඔබට බණින විට ඒ දෙය හොඳ පැත්තට ගන්න” https://youtu.be/fAI1DavsiSI
 

More News..