brand logo

කෙක්ක දිගේ පැමිණි මාරයා ජීවිතයක් බිලිගනී

05 April 2021

කෙක්කකින් කොස් ගෙඩියක් කඩන විට එම කොස් ගෙඩිය හිස මතට වැටී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා ගරාජය තුළ අලුත්වැඩියාව සඳහා නතර කර තිබූ ලොරියක් මතට නැග ඒ අසල තිබූ කොස් ගසකින් ගෙඩියක් කඩන විට කෙක්ක දිගේ ගෙඩිය පැමිණ හිස මතට වැටී මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි මරණ පරීක්ෂකවරයා පැවසීය. මිනුවන්ගොඩ රෝහලේදී මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හදිසි මරණ පරීක්ෂණය ඊයේ (04වැනිදා) පැවැත්වීමට නියමිතව තිබිණි. මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. රේමන් අපෝන්සු - මීගමුව
 

More News..