brand logo

කෘෂි අමාත්‍යාංශයෙන් ලූනු ගොවියාට කෝටි ගණනක පොල්ලක්

08 December 2018

ලොකු ලූනු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මධ්‍යම පළාතේ ගොවීන්ගෙන් මිලට ගත් බීජ කිලෝග්‍රෑම් දසදහසකට පමණ මේ වන තෙක් මුදල් ගෙවා නොමැති බවට තොරතුරු වාර්තා වේ. ලොකු ලූනු බීජ කිලෝග්‍රෑම් එකක් රුපියල් නවදහසකට තක්සේරු කර ඇත. වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කිලෝවකට රුපියල් හාරදහස් පන්සිය (4500) වගාකරන ගොවීන්ට ගෙවීමටත් ඉතිරි 4500 කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගෙවීමටත් පොරොන්දු වී ඇත. පසුගිය යල කන්නයේ මිලට ගත් එම බීජවලින් වගා කර අස්වැන්නද මේ වන විට නෙළා අවසන් වී ඇතත් මේ වන තෙක් බීජවලට අදාළ මුදල් ගෙවා නොමැත. මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 1700කට රුපියල් එක්කෝටි තිස්හතර ලක්ෂයක් ගෙවීමට ඇත. දැනට කිහිප දෙනකුට අදාළ චෙක්පත් ලබාදී ඇති අතර එයද අලෙවි කළ පුද්ගලයාට නොව මිලදී ගත් ගොවියාට බව වාර්තා වේ. ඇතැම් ගොවීන්ට අලෙවි කළ බීජ ප්‍රමාණය වෙනුවට කිලෝග්‍රෑම් තුනහතරකට පමණක් මුදල් ලැබී ඇති බව ගොවීන් පවසයි. මේ සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ මහින්ද දොඩන්වලගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ගොවීන්ට ගෙවීමට නියමිත සියලුම මුදල් මේ වන විට ලැබී ඇති බවත් ගැටලුව නිරාකරණය කර අදාළ වෙක්පත් ලබාදීමට කටයුතු කරන බවයි.
 

More News..