brand logo

කෘෂිකර්ම ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

07 December 2021

පොහොර යෙදීම පසේ සංයුතිය අනුව

පස් පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා පසේ සංයුතිය අනුව පමණක් යල කන්නයේ සිට පොහොර යෙදීමට ගොවීන් දැනුවත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබෙනවා. ලබන වසර සඳහා අයවැයෙන් වෙන් කර දී ඇති මුදල් වියදම් කරන ආකාරය පිළිබදව ඊයේ (06)දින අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත. පසේ සංයුතිය අනුව පොහොර යෙදීම සිදුකළහොත් රසායනික පොහොර ආනයනය සීමා කළ හැකි බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. පස පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ ගොවිජන මධ්‍යස්ථාන 362කට ලබාදී ඇති බවත් තවත් මධ්‍යස්ථාන 200කට පස පරීක්ෂා කිරීමේ උපකරණ ලබාදීමේ හැකියාවක් පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
 

More News..