brand logo

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

06 June 2021

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ රෝහණ පුෂ්පකුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පුද්ගලික කාරණයක් බවය. නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කර ඇත. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපකුලපතිවරයා පත්කර ගැනීමට පියවර ගනිමින් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..