brand logo

කෘතිම රා නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කෙරේ

16 December 2019

කෘත්‍රිම රා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි. මෙම තීරණය පිළිබඳව දිවයින පුරා සුරාබදු නිලධාරීන් ඊයේ (15 වැනිදා) දැනුවත් කර ඇත. මහ රා නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා ඇතැම් බලපත්‍රලාභී රා නිෂ්පාදකයන්ද ක‍ත්‍රිම රා නිෂ්පාදනය කරමින් සිටියදී සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම් සිදුකර අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රමාණවත් පොල් ගස් සංඛ්‍යාවක් නොමැති වීම සහ පොල් රා නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා කෘත්‍රිම රා නිෂ්පාදනය වූ බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. මෙලෙස නිෂ්පාදනය කළ කෘත්‍රිම රාවල යූරියා, ඇමෝනියා වැනි මනුෂ්‍ය ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගු වී තිබිණි. ඉදිරියේදී කෘත්‍රිම රා නිෂ්පාදනය කිරීමේ ස්ථාන වැටලීමේ වැඩපිළිවෙළක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. කෘත්‍රිම රා නිෂ්පාදනය හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බව ද වාර්තා විය. වයඹ පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ මෙලෙස වැඩි වශයෙන් කෘත්‍රිම රා නිෂ්පාදනය වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. උදයජීව ඒකනායක
 

More News..