brand logo

කෘත්‍රිමව නග්ගන සහල් මිල බස්සන්න පාරිභෝගික අධිකාරිය වැඩට බසී

31 August 2019

වෙළෙඳපොළේ නැවත සහල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් දිවයින පුරා පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළෙඳුන් අල්ලා ගැනීමට වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. ඇතැම් කූට වෙළෙඳුන් වැඩි මිලට සහල් අලෙවි කරන බවට ලද තොරතුරු මත දිවයිනම ආවරණය වන පරිදි සහල් වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සහල් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් කූට වෙළෙඳුන් වැඩි මිලට සහල් විකුණන බවට තොරතුරු ලැබී ඇතැයිද අධිකාරිය සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් අසූ පහක්ද නාඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් අසූවක්ද ලෙස පාලන මිලක් නියම කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වසරේ ජනවාරි සිට මේ දක්වා වූ කාලය තුළදී සහල් වැඩි මිලට විකිණූ වෙළෙඳසල් දහසක් පමණ වටලා ඇත. සාලිය කුමාර ගුණසේකර
 

More News..