brand logo

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත්ගේ නම රනිල් යෝජනා කිරීමට නියමිතයි - නවින්

26 September 2019

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සියලු පාර්ශවයන් එකඟ වු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් අතර සාකච්ඡාවක් අද(26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කර සිටියේ අද සවස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත් වීමට නියමිත බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමට නියමිත බවය. මේ සඳහා කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොවු බවත් සියලු දෙනා ඉතා සුහදව මෙම තීරණය ගනු ලැබු බවත් ප්‍රකාශ කළේය.
 

More News..