brand logo

කූල් දෝනි No Ball එකක් නිසා රත්වෙයි - රත්වුන නිසා 50%යි දඩය

12 April 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගය ඊයේ ජායිපූර් හිදී පැවැත්වූනේය. ඒ දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ අජින්කියා රහානිගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතරයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 151ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුළු 6ක් දැවී ලකුණු 155ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය. මෙම තරගයේ අවසන් පන්දුවාරයේදී නිපන්දුවක් හේතුවෙන් චෙන්නායි සුපර් කිංගස් කණ්ඩයාමේ නායක මහේන්ද්‍ර සිං දෝනි විනිසුරුවරුන් සමග ඇති කරගත් වචන හුවමාරුවත් සමග ඔහුට එරෙහිව තරග ගාස්තුවෙන් 50%ක දඩයක් නියම කිරීමට තීරණය කර තිබේ.

මහේන්ද්‍ර සිං දෝනි කලබලයට පත්වූ අවස්ථාවේ වීඩියෝව මෙතනින් නරඹන්න

 
 

More News..