brand logo

කුස තුළ මිය ගිය දරුවා පහසුවෙන් එළියට ගත්ත පුරාණ බෙහෙත් වට්ටෝරුවක්

18 March 2021

ගැබ්ගත්තා වූ ගර්භණී මාතාවකට දරුවා බිහි වන තෙක්ම හට ගන්නා වූ නොයෙක් සංකූලතා හා ව්‍යාධි හොඳින් හඳුනාගත් වෛද්‍යාචාර්යවරු ඒ ඒ රෝග අනුව ඖෂධ ප්‍රතිකර්ම සොයා ගෙන පිළියම් කළහ. අප මෙම ලිපියෙන් අනාවරණය කිරීමට අපේක්ෂා කරන්නේ ගර්භණී රෝග සහ ඖෂධ ප්‍රතිකර්ම නොව, මව දරු බිහි කිරීමට යන අවස්ථාවේ හෝ දස මස පිරීමට පෙර ගැබ තුළ දරුවා මරණයට පත් වුවහොත් එම මළ දරු කුණ බිහි කිරීමට කළ යුතු චිකිත්සා ක්‍රම ගැනයි. ශත වර්ෂ දෙකකට පමණ පෙර ලිය වුණැයි සැලකිය හැකි පුරාණ පුස්කොළ පොතක පැවැති මළ දරුවන් බිහි කිරීමට නියම කළ ඖෂධ ප්‍රතිකර්ම කිහිපයක් සටහන්ව පැවතියේ මේ ආකාරයෙනි. වදන්ට බැරුවාට ලබු කැට කපු ඇට පරණ ලූනු පුලුස්සා දුං තෙලින් දෙනු ශනෙන් වදන් මෙහි සඳහන් වදන්නට බැරුවාට යන්නෙන් අදහස් කරනුයේ ස්වභාවයෙන් දරුවා මවු කුසින් බිහි නොවීමය. එනම් ප්‍රාණය නිරුද්ධ වූ දරුවා මව කොපමණ වෙර වීරිය දැරුවත් ප්‍රාණය සහිත දරුවකු බිහි වන්නා සේ බිහි නොවීම මින් අදහස් කොට ඇත. එවැනි අවස්ථාවලදී පුරාණ වෛද්‍යාචාර්යවරු ඉතා කෙටි පිළියම් ඉදිරිපත් කොට ඇත. එසේම මෙබඳු ප්‍රතිකාර ප්‍රායෝගිකය. එවැනි අවස්ථාවලට ලක් වන මවුවරුන්ට පහසුවෙන් ලබාදිය හැකි ඖෂධ ප්‍රතිකර්මද වේ.

‘‘මළ දරු බිහි කිරීමට අතිශය පීඩාවකින් වෙරදරන මුත් බෙහෙත ගත් විගස මළ කුන හෙවත් මළ දරුවා ගර්භාෂයේ සිට එළියට ලිස්සා එවීමට තරම් මෙම බෙහෙත බලවත් යැයි දැක්වේ."

මවගේ කුස මිය ගොසි සිටින දරුවාගේ  මළ කුණු බිහි කරවීමට මෙහි සඳහන් කොට ඇති ඖෂධ  ලෙස ලබු කැට, කපු ඇට, පරණ ලූනු, දුන් තෙල් යන වර්ග හතර ඉදිරිපත් කොට ඇත. බෙහෙත සකස් කර ගන්නා ආකාරය සඳහන් කරන තැන ලබු කැට, කපු ඇට, පරණ ලූනු යන ත්‍රිවර්ගය ගෙන හොඳින් පුලුස්සා ගත යුතු බව කියැවේ. එසේ මැනවින් පුලුස්සා ගැනීමෙන් අනතුරුව දුං තෙල් හා මුසු කොට බෙහෙත සකස් කර ගත යුතු බව සටහන් කොට ඇත. මෙලෙස සකස් කළ ඖෂධයේ හෙවත් බෙහෙතේ පවත්නා බලවත් විශ්මජනක බව වෛද්‍යාචාර්ය තුමා පෙන්වා දෙනුයේ ශනෙන් වදන් යනුවෙනි. එනම් මළ දරු බිහි කිරීමට අතිශය පීඩාවකින් වෙරදරන මුත් බෙහෙත ගත් විගස මළ කුන හෙවත් මළ දරුවා ගර්භාෂයේ සිට එළියට ලිස්සා එවීමට තරම් මෙම බෙහෙත බලවත් යැයි දැක්වේ. මේ ආකාරයටම බෙහෙත් ප්‍රතිකර්මයක් නියම කරන මෙම පුස්කොළ පොතේම වෛද්‍යාචාර්ය තුමා ඖෂධ වට්ටෝරුවක් ඉදිරිපත් කොට ඇත්තේ මෙලෙසිනි. ශබෑවෙ අල මී අරටු ඇල්දියෙං උරච්චි කර කෝමාරිකා ඉස්ම උක් පැණි රතුළූණු සමව ගෙන ශමව පතක් පමණ දෙනු ශනෙන් වදන් මළකුණ වැටේ මළ දරුවා බිහි කිරීම සඳහා මෙහි ඉදිරිපත් කොට ඇති ප්‍රතිකාරයට අයත් ඖෂධ වට්ටෝරුවට කාණ්ඩ හයක ඖෂධ වට්ටෝරුවක් ඉදිරිපත් කොට ඇත. ශැබෝ අල, මී අරටු, කෝමාරිකා, උක්පැණි, රතු ලූනු සහ ඇල්දිය යන වර්ග හය වට්ටෝරුවට ඇතුළත් කොට ඇත. ඇල්දිය භාවිත කරනුයේ ශැබෝ අල මී අරටු යන ඖෂධ දෙවර්ගය අඹරා ගැනීමටය. මෙහි මී අරටු යන්නෙන් අදහස් කරනුයේ මී ගසේ අරටු කොටසය. බෙහෙතට අවශ්‍ය පමණට මී ගසේ අරටුවේ ප්‍රමාණයක් ලබා ගැනීම මින් අදහස් කොට ඇත.

‘‘වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙතට අනුව අරක්කු අවස්ථා දෙකකදී භාවිත කරනු ලැබේ. අරක්කුවෙන් ඇඹරීම සහ අරක්කුවෙන් අඹරා සකස් කර ගන්නා වූ බෙහෙත ලබාදීමය."

සමස්තයක් වශයෙන් බෙහෙත් වට්ටෝරුවට අදාළ ඖෂධ ප්‍රමාණය හඳුනා ගැනීම වැදගත්ය. මූලික වශයෙන් ශැබෝ අල මී අරටු ඇල් දියෙන් සියුම් ලෙස උරච්චි කර ගත යුතුය. එසේ උරච්චි කොට ගත් නානු ස්වභාවය ඇති ඖෂධ හෙවත් බෙහෙත දෙවනුව කෝමාරිකාවලින් පොඩි කොට පෙරාගත් ඉස්ම හා මුසු කර ගත යුතුය. අනතුරුව උක් පැණි හා රතු ලූනු යන දෙවර්ගය ප්‍රමාණයෙන් සමව ගෙන කෝමාරිකා හා මුසු කොට ගත් ශැබෝ අල හා මී අරටුවලින් සකස් කර ගන්නා ඖෂධ හා මුසු කොට පතක ප්‍රමාණයක් රෝගියා වෙත ලබාදීමට නිර්දේශ කරනුයේ පතක් පමණ දෙනු යන වචන කිහිපයෙනි. එසේම බඩ මළ දරුවන් බිහි වීමට අරක්කුවෙන් දෙන බෙහෙතක් නියමකරන වෛද්‍යාචාර්යතුමා වදන්ඩ බැරුවාට සහිඳලුනු පෙරුං කායං අරක්කුවෙං අඹරා අරක්කුවෙං දෙනු බඩ මළ දරුවො වැටෙත් ගර්භය තුළ මිය ගිය දරුවා ඉවත් කරලීමට මෙහිදී නියම කරනුයේ වර්ග තුනකින් යුත් ඖෂධ වට්ටෝරුවකි. සහිඳ ලුනු, පෙරුං කායං සහ අරක්කු බව දැක්වේ. සෙසු ඖෂධ ප්‍රතිකර්මවලට වඩා මෙම ඖෂධ ප්‍රතිකාරය විශේෂිතය. ඉතා පහසුවෙන් කළ හැකි ප්‍රතිකර්මයක් වීමත් සහ බෙහෙතට අරක්කු භාවිත කිරීමත් විශේෂ කොට සැලකිය හැකිය. වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙතට අනුව අරක්කු අවස්ථා දෙකකදී භාවිත කරනු ලැබේ. අරක්කුවෙන් ඇඹරීම සහ අරක්කුවෙන් අඹරා සකස් කර ගන්නා වූ බෙහෙත ලබාදීමය.   බෙහෙත් වට්ටෝරුවට අනුව ඉහත දැක්වූ පරිදි සහිඳ ලුනු, පෙරුංකායං, අරක්කු යන තිවර්ගය වදන්ඩ බැරුවාට නියම කොට ඇත. මෙහිදී සහිඳ ලුනු හා පෙරුං කායං සමව ගෙන ප්‍රමාණයට සරිලන ලෙස අරක්කු ප්‍රමාණයක්ද ගැනීම වැදගත්ය. අනතුරුව බෙහෙත් ගලගා ලෙඩාට ලබාදිය හැකි පමණට අඹරා ගැනීමෙන් අනතුරුව අරක්කුවලින්ම දිය යුතුය. මෙම බෙහෙතේ පවත්නා ගුණාත්මක භාවය ගැන සඳහන් කරන තැන මළ දරුවා වැටෙත්. බෙහෙත ලබාදුන් විගස ස්වභාවයෙන්ම මළකුණ හෙවත් මළ දරු උපත වන බවට සටහන් කොට ඇත.    
 

More News..