brand logo

කුසල් හෙට තරඟයට ක්‍රීඩා කරනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වශයෙන් කියයි

20 February 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග හෙට (21) දිනයේ පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කළේ පුහුණුවීම් අතරතුර කුසල් මෙන්ඩිස්ගේ පාදය ආබාධයකට ලක්වූ බවයි. කෙසේ වෙතත් මේ වන විට එය යහපත් අතට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ඒ අනුව හෙට දිනයේ පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇති.
 

More News..