brand logo

කුසල් සහ අවිශ්ක සුරියවැවදී වසර 20 ක ඉතිහාසය අලුත් කරයි කරයි

26 February 2020

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරගය ජය ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 346 ක දැවන්ත ඉලක්කයක් හිමිව තිඛේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක්ලබා ගත්තා. කලකට පසුව විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 119කදී ලකුණු 119 ක් රැස් කළා.අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 යි. ඔවුන් දෙදෙනා එක්ව තුන්වන කඩුල්ල සඳහා ලකුණු 239 ක සබඳතාවක් ගොඩනැගුවා. එය ඉතිහාසයට එක්වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තුන්වන කඩුල්ල සඳහා ගොඩනැගු ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධනයි. ඔවුන් 2000 වසරේදී ඉන්දියාවට එරෙහිව සාජාහිදී පැවති තරගයේදී ලකුණු 226 ක සබඳතාවක් ගොඩනගා තිබුණා.
 

More News..