brand logo

කුසල් මෙන්ඩිස් 6වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

18 December 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් මේ වන විට පන්දුවට පහරදෙමින් සිටිනවා. ඉනිමක පරාජයෙන් බේරීම සදහා ලකුණු 296ක අභියෝගයක් භාරගනිමින් වෙලිංටන් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් මේ වන විට කඩුළු 3ක් දැවී ලකුණු 232ක් රැස්කරගෙන පන්දුවට පහරදෙමින් සිටිනවා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් අද සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. කුසල් මේ වන විට නොදැවී ලකුණු 110ක් ලබාගෙන සිටිනවා. ඔහුට අනගි සහායක් ලබාදෙන ඇන්ජලෝ මැතිව්ස් ද ලකුණු 97ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 282ක් රැස්කළා. අනතුරුව පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල ලකුණු 578ක් රැස්කර ගැනීමට සමත් වුණා. අද තරගයේ සිව්වැනි දිනයයි.
 

More News..