brand logo

කුසල් මෙන්ඩිස්ට I love you කියා ගැහැණු ළමයි කෑගසයි

15 October 2021

යළි කරළියට එන කුසල්

ක්‍රිකට් කියලා කියන්නේ වැඩිම පිරිසක් ප්‍රිය කරන ක්‍රීඩාව බව නොරහසක්. ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ බොහෝ පිරිසක් ආදරේ කරන අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ආදරණීය බිරිඳත් සමඟයි. වැඩි වශයෙන් ගැහැණු ළමයි ප්‍රිය කරන ඔහු කුසල් මෙන්ඩිසුයි. ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ තමයි මිෂෙල් ප්‍රනාන්දු කියන්නේ. වසර අටක පෙම් සබදතාවයක් මල් ඵල ගන්වමින් යුග දිවියට පැමිණෙන ඔවුන්ගේ සුන්දර ආදර කතාව ගැන ඇය කියා සිටියේ පෙම් කරන කාලයේ මෙන් අදටත් වැඩිපුර ඇත්තේ ඔවුන් එකිනෙකා නොදැක ගෙවුනු දවස් බවයි. පාසල් සමයේ 19 පහල ක්‍රිකට් කණ්ඩායම හා එක්ව ක්‍රීඩා කර ඇති ඔහු එදා මෙන්ම අදටත් ක්‍රිකට් නිසා ඉතා කාර්යබහුල දිවියකු ගත කරනු ලබන්නේ. මීට වසර අටකට පෙර ඇයට වයස අවුරුදු දාහතේදී ඔහුට දහනමයෙදී ආරම්භ වී ඇති මේ පෙම් කතාවට මුල් කාලයේ ඇගේ ගෙදරින් අවසර හිමිව නැත්තෙ ඒ වනවිට ඇය උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබමින් සිටි නිසයි. May be an image of 1 person මොරටුව කඩොලාන ප්‍රදේශයේ ජීවත් වන ඔවුන් හමුවීමට යොදාගෙන ඇත්තේ ශාන්ත අන්තෝනි දේවස්ථානයයි. sunday school එකේදි කුසල් මුල්වරට මිෂෙල් ම දැක ඇති අතර එහිදී ඒ පිළිබඳව ඔහුගේ මිතුරකු හා පවසා තිබෙනවා. ඉන්පසු මිතුරා විසින් මිෂෙල් ගේ නෑදෑ සොහොයුරකු හා ඒ යෝජනාව පිළිබඳ කතාබහ කර ඇති අතර නෑදෑ සොහොයුරාගේ මාර්ගයෙනුයි මිෂෙල්ට ඒ පිළිබඳව දැන ගැනීමට ලැබී ඇත්තේ. ඉන් පසු එම යෝජනාවට ඇය කැමැති වී ඇති අතර එකලද ඔහු අද මෙන් කඩවසම් රුවක් හිමි යෞවනයකු බවයි අපිට දැනගන්න ලැබුණේ. කුසල් යනු මිෂෙල් ගේ ප්‍රථම ප්‍රේමය වන අතර කුසල්ට ඉන් පෙර කෙටි කලක පෙම් සබඳතාවයක් තිබූ බවයි ඇය කියාසිටියේ. ඉන්පසු දෙදෙනාගේම කැමැත්ත මත ඔවුන්ගේ ආදරයේ සුන්දරතම දිනය වන විවාහ උත්සාහය ඔවුන් මුලින්ම මුණගැසුණු පල්ලියේ පැවැත්වීමට තීරණය කල බවයි මිෂෙල් කියා සිටියේ. කුසල් සහ මිෂෙල් යුවල මේ වනවිට ඉතා සුන්දර යුග දිවියක් ගතකරණ අතර, ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරය පිලිබදව ඇය ලියා සිටියේ කුසල් තරගවදින ක්‍රිකට් තරගයන් නැරඹීමට ඇය ගිහින් ඉන්න අවස්තාවන්වල ඇය අසලම ඉඳන් බොහෝ තරුණියන් කුසල්ගේ නම කියා I love you කියා කෑගසන බවයි. කොපමණ තරුණියන්ගේ ආදරය,ආකර්ෂණය ලැබුණත් ඇය ඒ පිලිබදව ඉරිසියා නොකර බොහෝ සතුටු වන බව පවසමින් කියා සිටියේ ඔහු දැන් ඇයගේ නිසා බොහෝ සතුටු වන බවයි
 

More News..