brand logo

කුසල් තාමත් ඉන්නේ ළදරු අවධියේ

28 February 2019

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මහතා කුසල් මෙන්ඩිස් පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහු පවසා තිබෙන්නේ කුසල් මෙන්ඩිස් තුළින් මතු වූ විශේෂ වූ දක්ෂතා මත ඔහු අනාගතයේදී දක්ෂ පිතිකරුවෙකු ලෙස දැකීමට හැකි වනු ඇති බවයි. ඒ දරුවාට තමා වයස 24ක් වෙන්නේ. ඔහුට තවත් ගොඩක් උපදෙස් අවශ්‍යයි. ඒත් ඔහුට අවශ්‍ය පෞද්ගලිකව ඒක කරන්න අවශ්‍ය නැහැ. ඔහු ඔහු තුළින් සමහරක් විශේෂ වූ දක්ෂතා මතු කරගෙන තියෙනවා. කාලයත් එක්ක ඉදිරියේදී අපි ඔහුගේ දක්ෂතා දකීවි. කුසල් මෙන්ඩිස් තවමත් සිටින්නේ ළදරු අවධියේ. ඔහුට ඔහු ගැනම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒත් යතාර්ථය නම් ඔහු හොද පිතිකරුවෙක්. කාලයත් එක්ක ඉදිරියේදී ප්‍රේක්ෂකයන් දකීවී විශිෂ්ඨ දේවල් ඔහු තුළින්. අපි ඔහුව දකිනවා, තවත් වැඩියෙන් ඉදිරියේදී අපි හැමෝම දකීවී, එවිට wow කියාවි. ඒ වගේම තමයි අනිත් ක්‍රීඩකයා ඕෂධ ප්‍රනාන්දු. ඔහු අතිවිශිෂ්ඨයි. මම හිතන්නේ ඔහු ඉතාමත් අලංකාර විදිහට පන්දුවට පහරදුන්නා. ඔහු කිසිවක් ඉතුරු කර ගත්තේ නැහැ, ඔහු දැක්කා කුමක්කද විරුද්ධවාදීන්ගේ හැසිරීම ඒ් අනුව කටයුතු කළා. ඕෂධගේ ක්‍රීඩා විලාශය ඇත්ත වශයෙන්ම අතිවිශිෂ්ඨයි. ඔහු ට්‍රැක් එකට ආවා. ඔහු ලොකු ලොකු අවස්ථා එනකන් හිටියේ නැහැ. හොදින් පන්දුවලට මුහුණදුන්නා. ඔහු ක්ෂණිකව පන්දුවට පහරදෙනවා. ඔහු ඇත්තටම ස්මාර්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නවසීලනත්යේ සිට ඔස්ට්‍රේලියාවට එනවිට මම ලොකු වෙනසක් දැක්කේ නැහැ. හැබැයි ඔස්ටේ්‍රලියාවේ සිට දකුණු අප්‍රිකාවට එනවිට මම දැක්කා ලොකු වෙනසක්. ඒ ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය. ක්‍රීඩකයින් සතුටින් නම් මානසිකත්වය හොදයි. ඩර්බන් හි ලැබූ ජයග්‍රහණය ජීවිත කාලය තුළම ලැබූ ලොකුම අත්දැකීමක්. ඒකට හේතුව ක්‍රීඩකයන් ඔවුන්ට ආවේනික අලංකාරත්වයෙන් ක්‍රීඩාකිරීම. මම ජයග්‍රහණ ගැන හිතන්නේ නැහැ. මම හිතුවේ නැහැ අපිට චාන්ස් එකක් එයි කියලා. ඒත් යතාර්ථය ඒකයි. විශ්ව ප්‍රනාන්දු ලොකු කටයුත්තක් කළා. මම එක දිගටම තරගය නැරඹුවා, මොකද මේක අනිවාර්යයෙන්ම පුදුම සහගත වන තරගාවලියක් වන බැවින්. කසුන් රජිත හැමදෙයකින්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රීඩා විලාශයත් අතිවිශිෂ්ඨයි. ඔහු මේ තත්ත්වයට එන්න හේතුව ඔහුගේ දැඩි කැපවීම. විශ්ව ඇත්තටම වාස් වගේ. මට ඔහු ටිකෙන් ටික ඒ වගේ. මේ සියලුම දෙනා කණ්ඩායම එක්ක ඉදිරියට යනවා. එයාලා තාමත් තරුණයි. කාලයත් එක්ක යම් තත්ත්වයකට ඒ්වි.
 

More News..