brand logo

කුසල්ගේ සිව්වැනි එක්දින ශතකය වාර්තා කරයි

03 January 2019

නවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ ශතකයක් වාර්තා කිරීමට කුසල් පෙරේරා මීට ටික වේලාවකට පෙර සමත් වුණා. කුසල් අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි ශතකයයි. මේ වන විට කුසල් පෙරේරා ලකුණු 101ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා. ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 1ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 43.4ක් අවසානයේ කඩුළු6ක්දැවී ලකුණු 285ක් රැස්කර ගෙන පන්දුවට පහරදෙමින් සිටිනවා. මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 87 ක් අවශ්‍යව තිබෙනවා.
 

More News..