brand logo

කුෂානි රෝහණධීර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධුරයට

03 December 2020

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කුෂානි රෝහණධීර පත් කර තිබේ. හිටපු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීම හේතුවෙන් හිස්වූ නියෝජ්‍ය මහලේකම් ධුරයට කුෂානි රෝහණධීර මෙලෙස පත් කර ඇත. ඇය මීට පෙර කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තු සහකාර මහලේකම්වරිය ලෙසයි. පාර්ලිමේන්තුව අද(03) ආරම්භ වූ අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දුන්නේ ඊයේ(02) දිනයේ සිට මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.
 

More News..