brand logo

කුවේට්-ශ්‍රී ලංකා ගුවන් ගමන් නවතී

03 August 2020

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 31ක් වෙත නැවත දැනුම් දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ. එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම තහනම නිවේදනය කර ඇත. මෙලෙස තහනමට ලක්ව ඇත්තේ කොරෝනා වයිරසය පැතිරීමේ ඉහළ අවදානමක් ඇතැයි කුවේට රාජ්‍යය විසින් සලකනු ලැබූ රටවල් 31ක් වෙතයි. මෙම රටවල් 31ට ඉන්දියාව, පාකිස්තානය, ඊජිප්තුව, පිලිපීනය, ලෙබනනය, චීනය, ඉරානය, බ්‍රසීලය, මෙක්සිකෝව, ඉතාලිය සහ ඉරානයද ඇතුළත් වේ. මේ වනවිට කුවේට් රාජ්‍යයෙන් කොරෝනා වයිරස රෝගීන් 67,000ක් වාර්තා වී ඇති අතර මරණ 400කට වඩා වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇත.   අශිකා ජයවීර
 

More News..