brand logo

කුවේට් තානාපති කාර්යාලයේ නිරුවත ලොකෙට හෙළි කළ දිස්නාගේ ජීවිතේ අවසන් පැය කීපයද මේ?

03 December 2020

ආණමඩුවේ දිස්නා තුෂාරි අවුරුදු 22ක් තිස්සේ කුවේට් හී රැකියාව කරන ශ්‍රී ලංකේය කාන්තාවක්. පසු ගිය දිනක ඇය සිය මූනුපොතේ සජීවීව පෙනී සිටිමින් කුවේට්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවන අක්‍රමිකතාවක් ගැන ලොවටම කීම නිසා එරට වෙලාවෙන් අද(03) දහවල් 12.30 වන විට ඇය කුවේට් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව කියනවා. දිස්නා කියන විදිහට කුවේටයේ පොලිසියට කාන්තාවක් යනවා කියන්නේ යළි නොඑන ගමනකි. කුවේට් හී සේවය කරද්දී කොරෝනා වැලදී මිය ගිය වේයන්ගොඩ සුමිත්‍රා නම් 49 හැවිරිදි කාන්තාවකට වූ අසාධාරණයක් ගැන කතා කිරීම නිසා අද ඇය ජීවිත අවදානමකට මූන දී ඇති බවත් ඇගේ ජීවිතේ බේරා දෙන ලෙසත් ඇය හැඩූ කඳුළින් අරුණට කීය. https://youtu.be/2zO3fKJxdcE   දිස්නාගේ ගුවන් ගමන් බලපත්‍රය

දිස්නා මරු කටට කැදවූ වේයන්ගොඩ සුමිත්‍රාගේ කතාව

වේයන්ගොඩ සුමිත්‍රා පසුගිය අගෝස්තු 24 වැනිදා කුවටේ තානාපති කාර්යාලයට යන්නේ ඒ වන විට ඇය සේවය කළ නිවසේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වූ නිසා තමන්ට පී සී ආර් පරීක්ෂණයක් කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. කොරෝනා වැළදුනු වේයන්ගොඩ සුමිත්‍රා තානාපති කාර්යාලය ඉදිරිපිට දින දෙකක් ගත කළේය... දින දෙකක් ඇය තානාපති කාර්‍යලයයේ නැවති සිටි ඇයට අගොස්තු 26 වැනිදා PCR ප්‍රථිඵළ වාර්ථාව ලැබෙනවා. නමුත් අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාවක් නැති ඇයට එහි ඇති දේ නොතේරේ. (මෙවැනි කාන්තාවක් විදේශ රැකියාවකට යැව්වේ කෙසේද යන්න වෙනමම සාකච්ඡා කළ යුතු කරුණකි) එදිනම තානාපති කාර්‍යාලයයේ සිටින හලීම් නමැති නිළධාරියා සුමිත්‍රාගේ හාම්පුතාගෙන් ඇයගේ ගමන් බලප්‍රත්‍රය ඇතුළු දේ ලබාගෙන එදිනම ප.ව.5.00 – ශ්‍රී ලංකාව බලා එන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ඇය සිය රට එවීමට කටයුතු සූදානම් කරනවා. ගුවන් තොටුපළට ගිය සුමිත්‍රාගේ පී සී ආර්. වාර්ථාව දුටු ගුවන් තොටුපල බලධාරීන් ඇය යළිත් තානාපති කාර්යාලයට හරවා යවනවා. ඒ ඇගේ පී සී ආර් වාර්තාව කොරොනා පොසිටිව් වී ඇති හේතුවෙනි. හලීම් නමැත්තා ඒ බව දැන ගෙනත් ඇගෙන් මුදල් ගසා කීමේ වුවමනාව මත අකුරු ලිවීමට කියවීමට නොහැකි සුමිත්‍රා රවටා ඇත. සුමිත්‍රාගේ පී.සී.ආර්. වාර්තාව පොසිටිව් වී ඇති අයුරු... හලීම්ලා මුදල් ලබාගත් රිසිට් පතක් යළි තානාපති කාර්‍යාලයයට ගිය සුමිත්‍රාව තානාපති කාර්‍යාලයයෙන් භාර ගැනීම ප්‍රතික්ශේප කරනවා. රාත්‍රී 2ක් තානාපති කාර්‍යාලය ඉදිරිපිට ගත කරන මේ කොරෝනා රෝගී කාන්තාව අවසානයේදී කුවේට් රටේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ මැදිහත් වීමෙන්. ප්‍රතිකාර සඳහා යැවෙනවා. දින 19 කට පසු සුමිත්‍රා යළි තානාපති කාර්‍යාලයයට පැමිනෙනවා. නමුත් මෙවරත් ඇයව තානාපති කාර්යාලයෙන් භාර නොගෙන වෙනත් තැනකට යවනවා. ඒ කොහේදැයි කිසිවෙකුත් දන්නේ නැත. එහිදී සුමිත්‍රා මිය ගිහින්ලු. ඇය එල්ලී මැරුණා යැයි කියනවා, කොරෝනා නිසා මැරුණා කියලාත් කියනවා. CORONA සෑදී මිය යන අයව කුවේට් රජයෙන් පැය තුනකට වඩා නොතියා අවසන් කටයුතු කරන නමුත්, සුමිත්‍රාගේ දේහය පසුගිය සතිය වන තුරුත් අවසන් කටයුතු නොකර තිබුණු බව ඇය හොඳින් දන්නා බවත් දිස්නා තුෂාරි අප හා පැවසුවා.

කුවේට් තානාපති කාර්යාලයේ සිදු වූ හා සිදුවන අක්‍රමිකතා පිළිබඳ ඇය බොහෝ කරුණු සාක්ෂි සහිතව අපට ලබා දී ඇත. ඉදිරියේදී ඒ සියල්ල එකින් එක හෙළි කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

 
 

More News..