brand logo

කුවේටයට ගිය ශ්‍රී ලාංකිකයින් 41ක් දිවයිනට

10 June 2019

කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41දෙනෙකු අද (10) යළි දිවයිනට එවා තිබේ. මෙම පිරිස අතරින් දින 10 ක් පමණක් කුවේටයේ රැදී සිටි තරුණයින් 29 දෙනෙකු ද අද (10) අලුයම 2.10 ට කුවේට් සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ. මොවුන් පසුගිය මැයි 31 වැනි දින ශ්‍රී ලංකාවෙන් කුවේට් වෙත ගොස් ඇත්තේ එරට ආහාර නිෂ්පාදනය කරන ආයතනයක සිය නිෂ්පාදන යතුරුපැදි මගින් බෙදාහරින යතුරුපැදි ධාවකයන් ලෙස සේවය කිරීමටය. මෙම කණ්ඩායමටම අයත් තවත් තරුණයන් 30 දෙනෙකු ද පසුගිය 04 වැනිදා කුවේටයේ පෙර සඳහන් ආහාර නිෂ්පාදන ආයතනයේ යතුරුපැදි ධාවකයන් ලෙස කටයුතු කිරීමට එරට යවා තිබුණි. ඔවුන් එක් දිනක් පමණක් කුවේටයේ ගතකර එනම් පසුගිය 04 වැනිදා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබුණි. මෙම තරුණයන් සියලු දෙනා කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන විදේශ රැකියා ඒජන්සියක් මගින් කුවේට් වෙත යවා තිබේ.  
 

More News..