brand logo

කුවේට් එන්න කොරෝනා වෛද්‍ය සහතික එපා කියයි

06 March 2020

කුවේට් රාජ්‍යට යන සියලු ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වෛරසය ආසාධිතයෙකු නොවන බවට ඉදිරිපත් කළ යුතුව තිබු පී සී ආර් නම් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරිම අවලංගු කර ඇති බව කුවේට් රාජ්‍ය ප්‍රකාශයට පත් කර තිඛේ. කුවේට් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙය නිල වශයෙන් දැනුම් දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොරෝනා පරීක්ෂණය සිදු කිරිම සම්බන්ධයෙන් පවතින තාක්ෂණික අපහසුතා මත මෙය ලබා ගැනිම අවලංගු කර ඇති බව කුවේට් රජය දැනුම් දී ඇත. අනිද්දා සිට කුවේට් රාජ්‍යට ඇතුලුවන සියලු දෙනා අදාල වෛද්‍ය පරීක්ෂණය සිදුකළ යුතු බවට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකට දැනුම් දී තිබුණා.
 

More News..