brand logo

කුලියාපිටියේ මංගල උත්සවයට ගිය අය නිරෝධායනයට

26 January 2021

කුලියාපිටිය කෝංගොල්ල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් 100කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සදහන් එම විවාහ මංගල්‍යයේ මනාල මහතාගේ පියාට කොවිඩ් ආසාදනයවී ඇති බවයි. ඔහු කුලියාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන අයෙකු වන අතර, එම පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත. වෛරසය ආසාදනය වී තිබියදී එම මංගල සාදය පැවැත්වීම හේතුවෙන් මංගල සාදයට පැමිණ සිටි සියලුම පිරිස් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සදහන් කරයි. ඒ අනුව නිවෙස් 35ක පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.
 

More News..