brand logo

කුලියාපිටියේ ප්‍රදේශ රැසකට සංචරණ සීමා පැනවීමේ තීරණයක්

22 April 2021

කොවිඩ් වෛරසය ව්‍යාප්තිවීමේ අවධානමත් සමග කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පැනවීමේ තත්ත්වයක් මතුව ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. එහි වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා පැවසුවේ අද පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදි කුලියාපිටිය නගර සීමාව, දණ්ඩගමුව හා කබලෑව යන මහජන සෙ$ඛ්‍ය පරීක්ෂක කොට්ඨාස දෙක ඇතුළත් වන ග්‍රාම නිලධාරී වසම් 15කට සංචරණ සීමා පැනවීම සුදුසු යැයි තීරණය කළ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට ද දැනුවත් කළ බව ඔහු පැවසීය.
 

More News..