brand logo

කුලියාපිටියේ ගින්නක්

21 June 2022

විදුලි සහ දුරකථන රැහැන් පද්ධතිවලට හානි

කුලියාපිටිය නගරයේ වෙළෙඳසැලක් තුල අද අලුයම හටගත් ගින්නෙන් එම වෙළෙඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත. ගින්න හේතුවෙන් නගරය හරහා අද තිබූ විදුලි රැහැන් පද්ධතියට සහ දුරකථන රැහැන් පද්ධතියට හානි සිදුවී තිබේ. කුලියාපිටිය නගර සභාවේ ගිනි නිවීමේ රථ හා පොලිසිය එක්ව ගින්න නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 

More News..