brand logo

කුරුවිට රාජ්‍ය බැංකුවක ශාඛාවක් තාවකාලිකව වසා දමයි

28 January 2021

කුරුවිට ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ශාඛාවක් තාවකාලිකව වසා දමා ඇත. කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ දින 14ක කාලයකට එම බැංකු ශාඛාව වසාදැමීමට දැනුම්දුන් බවයි. එම ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු කොවිඩ් 19 වෛසරය ආසාදනයවීම හේතුවෙන් අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා ඇත. එහි කාර්ය මණ්ඩලයේ 24දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ. එම ආසාදිතයින් බැංකුවේ නිලධාරී නිවාසය, කුරුවිට පැරඩයිස්, අවිස්සාවේලල මාදොල සහ කුරුවිට පාතගම යන ප්‍රදේශව පදිංචි කාර්ය මණ්ඩලයේ අය වේ. ඔවුන් සමග සේවය කරන අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 20දෙනා නිරෝධායනයට යොමු කර ඇත.
 

More News..