brand logo

කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි

04 January 2021

කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය ලබන 09වනදා තෙක් තාවකාලිකව වසා දමා තිබේ. කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා පැවසුවේ ලිපි බෙදන්නෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මේ‌ හේතුවෙන් කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලයේ ලිපි බෙදීම් සිදුකරන සහ කාර්යාලයේ අභ්‍යන්තර කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු විසිහතර දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබේ. ඔවුන් සියලුදෙනා හෙට (05) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කිරීමට නියමිතයි. කොවිඩ් ආසාදිත කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයාගේ පවුලේ සාමාජිකයින් සහ පළමු පෙළ ආශ්‍රිතයින් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. එමෙන්ම කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය හරහා පාලනය උපතැපැල් කාර්යාල කිහිපයක් ද තාවකාලිකව වසා දමා ඇත.
 

More News..