brand logo

කුරුල්ලෝ අත්තිඩිය හැරයති

24 August 2019

බෙල්ලන්විල අත්තිඩිය කුරුලු අභය භූමියේ කුරුලු ගහනය වර්තමානයේදී සියයට 45කින් පමණ අඩුවී ඇතැයි පරිසරවේදීහු පවසති. තෙත් බිම් පද්ධතිය ගොඩකර අභය භූමිය ඇතුළත ජනාවාස පිහිටුවීම, ආක්‍රමණික ශාකයක් ලෙස වෙල්ලාතා ශාකය දරුණු ලෙස අභය භූමි ප්‍රදේශයේ පැතිරීම, අභය භූමි කලාපයෙන් ගලා යන බොල්ගොඩ ඇළ, කටු ඇළ ආදී ජල පද්ධතිවලට අවට කර්මාන්තශාලාවල රසායනික ද්‍රව්‍ය බැහැර කිරීම නිසා එම ජල පද්ධති දූෂණයට පත්වීම යන කාරණා මත අභය භූමියට කුරුල්ලන් පැමිණීම අඩුවී ඇතැයි පරිසරවේදී සජීව චාමිකර පවසයි. අභය භූමිය වටා කලාපය ශීඝ්‍රයෙන් නාගරීකරණයට ලක්වීමද මෙම තත්ත්වයට බලපා ඇත. මෙම අභය භූමි කලාපය සංචාරක පක්ෂීන් පමණක් නොව දේශීය නේවාසික පක්ෂීන්ද ගැවසුණු කලාපයකි. හීන් ගෙඹිතුරුවා, ඇඹල කොකා, මල් සේරුවා, වී කුකුළා, පළල් සේරා ආදී පක්ෂීන්ට අමතරව මෙරටට ආවේණික පක්ෂීන් අතුරින් ගිරා මලිත්තා, දුඹුරු දෙමළිච්චා යන පක්ෂීන් කුරුලු අභය භූමියේ අද දක්නට ලැබෙන්නේ නැත. මෙම කලාපයේ ජල මාර්ග ආශ්‍රිතව විසූ මාළු විශේෂ රැසක්ද වඳවීයාමට ලක්ව තිබේ. සාලිය කුමාර ගුණසේකර
 

More News..