brand logo

කුරුණෑගල සියළු කඩ සාප්පු වහයි

30 October 2020

කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට අයත් සීමාව තුළ කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ. හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් විල්ගොඩ, විල්ගොඩවත්ත, උඩවල්පොළ, ඉඳුල්ගොඩකන්ද යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව කුරුණෑගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි. මේ හේතුවෙන් අද (31) දහවල් සිට විල්ගොඩ ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති අතර කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කර ඇත.
 

More News..