brand logo

කුරුණෑගල වෛද්‍යවරයා පිළිබඳ තවත් කරුණු හෙළිවෙයි

26 May 2019

සැකසහිත ආකාරයට වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයා පිළිබඳ තවත් කරුණු හෙළිදරව් වෙයි. ඒ අනුව ඔහු රදවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කර ගෙන යන බව පොලීසිය සඳහන් කළ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝග ලබාගැනීමටද පොලීසිය බලාපොරොත්තු වෙයි. සිසේරියන් සැත්කම් අතරතුරදී මව්වරුන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේද මෙම වෛද්‍යවරයාට වන අතර අදාළ වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද සොයා බැලීමට සහ ඔහු වත්කම් උපයාගත් ආකාරය පිළිබදව සොයා බැලීමට සැකකරු ඊයේ රාත්‍රියේ කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේය. වයස අවුරුදු 42ක් වන සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නම් ඔහු කුරුණෑගල - නුවර පාරේ වීරසිංහ මාවතේ පදිංචිකරුවෙකි.. සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් 4,000 ක් වඳ භාවයට පත් කළ වෛද්‍යවරයෙකු පිළිබඳව ජාතික පුවත්පතක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා කර තිබූ අතර, එම පුවත්පතම අද සිය පුවත යළි තහවුරු කරමින් වාර්තා කළේ තමන් චෝදනාව එල්ල කළේ සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නම් මෙම වෛද්‍යවරයාට බව වන අතර වෛද්‍ය සාෆි ෂිහබ්දීන් වසර 13 කට අධික කාලයක් රෝහල් 3 ක ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකවලට අනුයුක්තව සේවය කර ඇති බව වාර්තා වෙයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ මේ වනවිට සේවය කරන ඔහු මීට පෙර සේවය කර ඇත්තේ ගලේවෙල සහ දඹුල්ල යන මූලික රෝහල්වලය. එමෙන්ම පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර ඇත.
 

More News..