brand logo

කුරුණෑගල - මහව දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් වෙයි

14 February 2020

උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර කොටස තුළ පවතින තදබදය හේතුවෙන් එම මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කර ගැනිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වි තිබේ. මේ සඳහා ඉන්දියානු ණය ආධාර යටතේ ඉතිරිව පවතින අරමුදල් භාවිතා කිරීමට කටයුතු යොදා ඇත. මෙයට සංඥා පද්ධතියක් සහිත කිලෝ මීටර් 43ක අතරේක මාර්ගයක් ඉදිකිරිමටත්,අදාළ උපදේශක සේවාවන් සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යංශයේ (CECB) සේවය ලබාගැනිමටත් අනුමැතිය ලැබී ඇත. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල යෝජනා ඉදිරිපත් කළේ ය.
 

More News..