brand logo

කුරුණෑගල පොලිසියේ ඒකකයක් වැසෙයි

01 November 2020

බොරැල්ල පොලිසියේ සේවය කරන සැරයන් වරයෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව පොලිස් සැරයන් වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන පොලිස් ඒකකයද වසා දමා තිබේ. මේ අනුව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව එම ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර සිටින බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත. මීට අමතරව ආසාදිත පොලිස් සැරයන්වරයාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන්ද ඔවුන්ගේ නිවෙස තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද එම නිලධාරියා සඳහන් කර ඇත.
 

More News..