brand logo

කුරුණෑගල තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ උපස්ථායිකාවකට කොරෝනා

21 October 2020

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත. ඒ හේතුවෙන් එම ඒකකය අද (21දා) සිට තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත. කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් සහ 13 හැවිරිදි ඇගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කළ පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ. තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ සියළුම කාර්ය මණ්ඩලය සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පීසීආර් පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.
 

More News..