brand logo

කුරුණෑගල ටියුෂන් නැවත දන්වන තුරු වහයි

06 October 2020

මේ වන විට උද්ගතව පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියලුම උපකාරක පන්ති හෙට දින (6) සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස නියෝග කර ඇත. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා මේ බව නිවේදනය කර ඇත. කොවිඩ් අවදානම සම්බන්ධයෙන් වයඹ පළාත තුළ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (6)පළාත් සභාවට කැඳවා තිබූ රාජ්‍ය නිලධාරීන්ගේ හමුවකදී ආණ්ඩුකාරවරයා මේ සඳහා වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන මහතාට උපදෙස් ලබා දී ඇත. මේ අනුව හෙට (7) දින සිට වයඹ පළාතට අයත් කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම, හලාවත, නාරම්මල ආදි ප්‍රධාන නගර ඇතුළු නගරවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.
 

More News..