brand logo

කොවිඩ් ආසාදිතයින් 39ක් හදුනාගැනේ

12 October 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 39දෙනෙකු හදුනා‌ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම ආසාදිතයින් දිවුලපිටිය කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් බවයි. ඉන් ආසාදිතයින් 25දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩලය වන බවත්, ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින පුද්ගලයන් වේ. අනෙකුත් ආසාදිතයින් 14දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් ගණන 1346ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 

More News..