brand logo

කුරාම් ෂයික් ඝාතනයේ විත්තිකරුවන්ගේ පෙත්සම් ලබන 05 වැනිදා යළි කැඳවයි

01 March 2019

කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් විසි වසරක සිර දඬුවම් ලබා සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ලබන 05 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. 2012 වසරේ තංගල්ල ප්‍රදේශයේදී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට කොළඹ මහාධිකරණය මඟින් බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළා. මහාධිකරණය සිරදඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බව පෙන්වාදෙන මෙම විත්තිකරුවන් එම දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර විත්තිකරුවන්ට නියම කර ඇති දඬුවම් ප්‍රමාණවත් නොවන බවත් එය වැඩි කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය ද ලබන 05 වනදා කැඳවන නිසයි අභියාචනාධිකරණය තවත් නියෝගයක් කරමින් කියා සිටියා.
 

More News..