brand logo

කුමාරිකා වෙතින් කාර්යබහුල කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන නව තෙරපි රේන්ජ් සත්කාරය

19 July 2021

කාන්තාවකගේ වරලස ඇයගේ පෞරුෂත්වයත්, අභිමානයත්, රූ සපුවත් කෙරෙහි සෘජුවම බලපෑම් කරන බව නොරහසකි. මේ නිසාම කෙස් කළඹේ නිරෝගී බව රැක ගැනීම ඉතාම වැදගත්. වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ අන් කවරදාටත් වඩා කාන්තාවන් කාර්යබහුල වීම ඇගේ හිස කෙස්වල නිරෝගී බවට අනිසි බලපෑම් ඇති කිරීමට හේතු වේ. නිවසේ වැඩ කටයුතුත්, රැකියාවේ කටයුතුත් සමග නිරන්තරයෙන් ගැටෙන ඇයට තම හිසකෙස් රැකවරණය වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරි නොවන නිසා බොහෝමයක් කාන්තාවන් ක්‍රමවත්ව සත්කාරවලින් බැහැර වේ. පාරිභෝගිකයන්ගේ මෙම වෙනස් වන අවශ්‍යතාවන් මැනවින් හඳුනාගත් ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය වන කුමාරිකා, කාර්යබහුල කාන්තාවන්ගේ හිසකෙස්වල යහපැවැත්ම සලසන කදිම විසඳුමක් ලෙසින් නවතම කුමාරිකා තෙරපි රේන්ජ් හෙයා ඔයිල් සත්කාරය හඳුන්වාදී ඇත. ස්නානයට පෙර භාවිත කරන ඔයිල් සත්කාරයක් ලෙසින් හඳුන්වා දෙන නව කුමාරිකා තෙරපි ඔයිල් සත්කාරය, අනෙකුත් සාම්ප්‍රදායික හෙයා ඔයිල් හා සැසඳීමේදී ඇති සුවිශේෂිත්වය වන්නේ මෙම සත්කාරය සඳහා කාන්තාවකගේ වටිනා කාලයෙන් වැයවන්නේ අවම කාලයකි. නව ඇප්ලිකේටර පනාව මගින් ඉතා පහසුවෙන් හිසෙහි තෙල් ආලේප කිරීමට හැකි වන අතර, ඉන්පසු ඇඟිලි තුඩු මගින් මෘදුව හිස සම්බාහනය කර එය හොඳින් හිස්කබලට අවශෝෂණය කරගැනීමට විනාඩි 20ක කාලයක් තබා ස්නානය කළ හැකිය.
 

More News..