brand logo

කුඩු නිලාන්ගේ ගෝලයින් 2 ක් හෙරොයින් සමග රාජගිරියේදී අත්අඩංගුවට

29 February 2020

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 3 යි ග්‍රෑම් 267 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය විසින් රාජගිරිය කොස්වත්ත පාර නෙලුම් පෙදෙසේදී අත්අඩංගුවට ගෙන තිඛේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 35 හැවිරිදි බොරැල්ල රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෝය. සැකකරුවන් සතුව තිබු හෙරොයින් ජාවාරම් කිරිමෙන් උපයාගත් මුදල් රුලියල් හතලිස්දහසකට අධික මුදලක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහණයට යොදා ගත් ත්‍රිරෝධ රථයක් ද පොලිස් භාරයට ගෙන තිඛේ. විමර්ශනවලදී හෙලිව ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිටින කුඩුනිලාන් නැමති ජාවාරම්කරු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි. ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකරයි.   හේමන්ත ලියනපතිරණ
 

More News..