brand logo

කුඩු ජාවාරමේ ලක්ෂ 1400ක් යාචකයකුගේ ගිණුමක

05 July 2020

කුඩු ජාවාරමකු වන මර්වින් ජානාගේ කුඩු සල්ලි රුපියල් ලක්ෂ 1400ක් තැන්පත් කර තිබූ යාචකයකුගේ බැංකු ගිණුමක් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සිදුකළ විමර්ශනයකදී සොයාගෙන ඇත.
මෙම යාචකයාගේ නමට අත්තිඩියේ පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කර එහි බැංකු පොත හා කාඩ්පත මර්වින් ජානාගේ බිරිඳ සන්තකයේ තබාගෙන ඇත. පසුගිය වසරේ ජූලි 15දා සිට මාස 11ක් තුළ රුපියල් ලක්ෂ 1400ක් තැන්පත් කර තිබේ. මර්වින් ජානා දැනට බන්ධනාගාරගතව සිටී.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..