brand logo

කුඩු ජාවාරම්කරු හඹා ගිය නිළධාරියා අඩි 15ක ප්‍රපාතයට

01 September 2020

කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහු පසුපස දිවගිය පොලිස් නිළධාරියෙකු අදාළ සැකකරුවා සමඟ අඩි 15ක ප්‍රපාතයකට පෙරලී ඇත. තුවාල ලැබූ සැකකරු සහ පොලිස් නිළධාරියා පසුව මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇත. මිගමුව සිට මාතලේ උකුවෙල උඩතැන්න බටදොඹ ප්‍රදේශයට වෑන් රථයකින් කුඩු හා ගංජා ප්‍රවාහනය කරමින් තිබෙන බවට ලද තොරතුරක් මත මාර්ග බාධක යොදා වෑන් රථය නතර කිරීමට උත්සහ ගෙන තිබුණා. නමත් සැක කරුවන් පොලිස් අණ නොතකා ධාවනය කර තිබුණා. පොලිස් යතුරුපැදි යොදා ගනිමින් අදාළ වෑන් රථය පසුපස හඹා ගොස් තිබෙනවා. පසුව අදාළ සැකකරු වහනය නවතා ප්‍රපාතයක් දෙසට දුවගොස් තිබෙනවා. පසුව සැකකරු සහ සැකකරු පසුපස හඹා ගිය නිළධාරියා අඩි 15ක ප්‍රපාතයට පෙරළි තිබෙනවා. පසුව සැකකරු සෝදිසි කිරීමේදී ඔහු සතුව තිබී කුඩු මිලිග්‍රෑම් 2210 ද වෑන් රථයේ තිබී කුඩු මිලිග්‍රෑම් 1400ක් සහ ගංජා මිලිග්‍රෑම් 27200ක් ද සොයාගෙන ඇත.
 

More News..