brand logo

කුඩු ජාවාරම්කරුවන්ට දේශපාලඥයින්ගෙන් රැකවරණය හිමිවෙනවා - හර්ෂ ද සිල්වා

25 January 2019

ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරම නවාතා දැමීමට උත්සාහ කළත් මේ දක්වාම එය අසාර්ථක වී ඇත්තේ ඒ හා බැඳුණු දේශපාලන සබඳතා හේතුවෙන් බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය. ඊයේ (24) දින කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්කුඩු ජාවාරම්කරුවන්ට දේශපාලඥයින්ගෙන් රැකවරණය හිමිවන බවයි. ඒ අනුව අමාත්‍යවරයා කියා සිටියේ කුඩු,අයිස්,කැනබිස් වැනි මත්ද්‍රව්‍ය සැපයුම පැමිණෙන්නේ කොතැනින් දැයි විමසමින් මත්ද්‍රව්‍ය තිබෙන්නේ කොතැනදැයි සැවොම දන්නා කරුණක් වන බවත් ප්‍රාදේශීය දේශපාලඥයින්ද මෙම මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට සෘජුව සම්බන්ධ බවත් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් කථා නොකරන්නේ නම් කිසි දිනෙකත් මෙවැනි ගැටළු විසඳිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසූවේ කුඩු ව්‍යාපාරයේ නියැලීමට අවස්ථාව හිමිව තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට දේශපාලන රැකවරණය හිමිවීම හරහා බවයි.
 

More News..