brand logo

කුඩු ජාවාරම්කරුට දුරකතනයක් රැගෙන ගිය ජේලර් ගැන CCTV විමර්ශන

07 February 2020

බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරිවල රඳවා සිටින කුඩු ජාවාරම්කාර බේකරි ජානකට ජංගම දුරකථනයක් ලබාදීමට ගිය බව කියන ජේලර්වරයා ගැන විමර්ශනයක් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම විමර්ශන සඳහා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා බන්ධනාගාරයේ සීසීටීවී කැමරා දර්ශන ලබාගෙන ඇතැයි හෙළිවේ. බන්ධනාගාර නියාමකවරුන් විසින් කළ පැමිණිල්ලක් මත රාජ්‍ය ඇමැතිවරයා විසින් මෙලෙස සීසීටීවී දර්ශන ගෙන්වාගෙන ඇත.
බූස්ස බන්ධනාගාරයේ සීසීටීවී කැමරා යොදා තිබියදී කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයන්ට අයත් ජංගම දුරකථන කිහිපවතාවක්ම හසුවීමෙන් පසුව බන්ධනාගාර නියාමකවරුන් තිදෙනකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබිණි. එලෙස වැඩ තහනම් කළ තිදෙනා යළි සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය ඇමැතිවරයකු කළ දැනුම්දීමක් මත ඔවුන් යළි සේවයේ පිහිටුවා තිබිණි. දැනට චෝදනා ලැබ ඇති ප්‍රධාන ජේලර්වරයා මීට පෙර එවැනි චෝදනාවලට අවවාද ලැබූවකු බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
 

More News..