brand logo

කුඩු අංජුගේ ගෝලයෙක් අල්ලයි

01 August 2020

අපරාධ කල්ලි සාමාජික “කුඩු අංජු”ගේ සමීපතමයෙකු කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අඟුලාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි  සිතුම් නිලංග පීරිස් නොහොත් අසංක නමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මීගොඩ දහම් මාවත ප්‍රදේශයේ නිවසක තිබී අපරාධ සඳහා යොදාගත් විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වරයක් සහ එම උණ්ඩ 10ක් ද, තවත් උණ්ඩ 10ක් ද සොයාගෙන තිබේ. 2016 වසරේදී පිළියන්දල පොලිස් වසමේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මොහු විසින් සැලසුම් කර ඇති බව පරික්ෂණවලදී හෙළි වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

More News..