brand logo

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහරදුන් සැකකරු 24 දක්වා රිමාන්ඩ්

11 September 2019

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සැප්තැම්බර් මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් හොරොව්පතාන පොලීසිය විසින් අද (11) අද පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. සාමණේර හිමියන් දෙනමට මෙලෙස පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබඩ නොහොත් උටියා නමැති විසිඅට හැවිරිදි අයෙක් බව පොලීසිය සදහන් කළේය.
 

More News..