brand logo

කුඩාඔය අනතුරකින් 03දෙනකු මරුට

24 May 2019

වැල්ලවාය, තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කඳවුර ආසන්නයේදි ත්‍රිරෝද රථ දෙකක් හා ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කුඩාඔය පොලීසිය සඳහන් කරයි. කුඩාඔය වන්දම මාර්ගයේ සිට තණමල්විල, වැල්ලවාය මාර්ගයට ත්‍රිරෝද රථයක් ප්‍රවේශ කිරිමේදි, වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයක් ගැටි ඇති අතර එම ත්‍රිරෝද රථයට පසුපසින් වේගයෙන් පැමිණි ලොරි රථය එම ත්‍රිරෝද රථ දෙකම යටකර පළාගොස් ඇත. එම අනතුරෙන් එම ස්ථානයේදිම 03දෙනෙකුමියගොස් ඇති අතර තවත් 03දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.
 

More News..