brand logo

කුකුළන් දෙදෙනකු බේරන්න ගිය තරුණයින් තිදෙනකු මරැට

03 February 2020

අවිස්සාවේල්ල සීතාවක - මාලිගාව පාර ඉඩමක පිහිටි අතහැර දමා තිබූ අඩි තිහක් පමණ ගැඹුර පතලකට බැසි තරුණයන් තිදෙනෙකු ස්වශන අපහසුතාවයක් හේතුවෙන් මියගොස් ඇති බව අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. ඊයේ ( 02 ) රාත්‍රී 8.00 පමණ මෙම සිදුවීම සිදුව තිබේ. සිද්ධිය සිදුවූ ස්ථානයේදීම තරුණයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, අනෙත් තරුණයා මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල මූලික රෝහලේදීය. සිද්ධිය සිදුවූ දින සවස, මීට මාස කිහිපයකට පෙර අතහැර දමා තිබූ එම පතල තුළට කුකුළන් දෙදෙනෙකු වැටී තිබේ. පසුව එම කුකුළන් ගොඩගැනීම සඳහා එම පතල අසල නිවසේ පදිංචි කුෂාන් ධනංජය ලේකම්ගේ ( 25 ) නැමති තරුණයා බැස ඇති අතර, ක්ෂණයකින් ඔහු සිහිසුන්ව තිබේ. ඒ අනුව එම ස්ථානයේ සිටි ජයසිංහ ආරච්චිගේ අසංක රාජකරුණා ( 27 ) සහ දිනුෂ ලක්ෂාන් චන්ද්‍රසිරි ( 17 ) යන දෙදෙනාද බැස ඇති අතර, ඔවුන්ද සිහිසුන්ව ගොස් ඇත. එම ස්ථානයේ සිටි අනෙත් පිරිස මහත් පරිශ්‍රමයක් දරා මෙම තිදෙනා ගොඩට ගෙන අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, රෝහලට ඇතුළත් කරන විටත් ඉන් දෙදෙනෙකු මියගොස් සිටි බවද රෝහල් ප්‍රකාශකයා පැවසීය. [caption id="attachment_60602" align="aligncenter" width="982"] මිය ගිය අසංක රාජපක්ෂ , කුෂාන් ධනංජය සහ දිනූෂ ලක්ෂාන් යන තරුණයින් තිදෙනා[/caption]   අනෙත් තරුණයා රෝහලට ඇතුළත් තර පැය කිහිපයකින් පසු මියගොස් තිබේ. මියගිය තිදෙනාගෙන් එක් අයෙකු වන අවිස්සාවේල්ල නුගේවත්ත ප්‍රදේශයේ පදිංචි දිනුෂ ලක්ෂාන් චන්ද්‍රසිරි ( 17 ) නැමති තරුණයා අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යෙයකි. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පතල කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් පවත්වාගෙන ගිය බවත්, පතල අතහැර දැමීමෙන් පසු කිසිදු වගකීමකින් තොරව ඉටිකොළයක් දමා වසා තිබූ බවත්ය. මෙම පතල නිසියාකාරව වසා තිබුනේ නම් මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දීමට මෙම තරුණයන්ට සිදු නොවන බවද ඔවුහු පවසති. මැණික් හා ස්වර්ණාභරන අධිකාරියද කිසිදු වග විභාගයකින් තොරව බලපත්‍ර නිකුත් කිරීම නිසා මෙම ප්‍රදේශය පුරා මෙවැනි අතහැර දමා ඇති අනාරක්ෂිත පතල් විශාල ප්‍රමාණයක් පිහිටා ඇති බවත් ඒවා වසා දැමීමට බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් ජනතාව ඉල්ලා සිටී. අවිස්සාවේල්ල පොලිසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි. [caption id="attachment_60606" align="alignnone" width="999"] තරුණයින් බිලි ගත් අත හැර දැමූ අනාරක්ෂිත පතල[/caption]   අවිස්සාවේල්ල - චන්දිම ජයලාල් රන්නෙත්ති
 

More News..